Pages

Friday, June 8, 2018

ආඩුයිනෝ වලින් LED එකක් Blink කරමු..


        මම අද කියලා දෙන්න යන්නේ ආඩුයිනෝ බෝඩ් එකක් පාවිච්චි කරලා LED bulb එකක් blink කරන්නේ කොහොමද කියලා..
        මේකට අපිට ඕන වෙන්නේ ආඩුයිනෝ බෝඩ් එකකුයි,Breadboad එකකුයි,LED එකකුයි,Jumper wire කිහිපයකුයි පමණයි..



LED bulb එක බෝඩ් එකට හයි කරගන්නේ කොහොමද?

        මුලින්ම යට තියන පින්තූරේ වගේ LED bulb එක breadboad එකකට set කරගන්න..
        දැන් LED එකේ ඍණ අග්‍රය ආඩුයිනෝ බෝඩ් එකේ GND pin එකට jumper wire එකකින් සම්බන්ධ කරගන්න..LED එකේ ධන අග්‍රය ආඩුයිනෝ බෝඩ් එකේ D2 pin එකට jumper wire එකකින් සම්බන්ධ කරගන්න..




කෝඩ් එක....👇

void setup(){
    pinMode(2, OUTPUT);

}


void loop(){

    digitalWrite(2, HIGH);
    delay(100);
    digitalWrite(2, LOW);
    delay(100);

}


    delay එක ඇතුලේ තියන වෙලාව ඔයාලට කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්..

මේ වගේ LED කීපයක් එක්ක වැඩ කරන විදිය ඊලග පෝස්ට් එකෙන් කියන්නම්..