Pages

Thursday, July 5, 2018

Arduino colour light system

අද post එකෙන් මම කියලා දෙන්න යන්න ආඩුයිනෝ බෝඩ් එක පාවිච්චි කරලා කහ ඉරි ලග තියන colour light system එකක්,ඒ කියන්නේ කහ ඉර ලග තියන බටන් එක එබුවම වාහන වලට නවතින්න කියලා රතු පාට බල්බ් එක පත්තු වෙලා පාර පනින අයට කොල පාට බල්බ් එක පත්තු වෙන විදියේ එකක් හදන විදිය..




මේක ආඩුයිනෝ ගැන පොඩි හරි දැනුමක් තියන ඕනම කෙනෙක්ට හදන්න පුලුවන්..වියදම් වෙන්නේ  ගොඩක් අඩු මුදලක්..මේකට ඕන වෙන බඩු ලිස්ට් එක👇
1.රතු led 2ක්
2.කහ led 1ක්
3.කොල led 2ක්
4.push on switch එකක්
5.22k resistor එකක්
6.arduino uno
7.jumper cable කිහිපයක්
8.Breadboard එකක්



මුලින්ම උඩ පින්තූරේ තියන විදියට led bulb ටිකයි push button එකයි resistor එකයි ආඩුයිනෝ බෝඩ් එකට සෙට් කර ගන්න..
ඕන නම් D6 pin එකටම පොඩි පීසෝ බසර් එකක් සෙට් කර ගන්න..එතකොට පාර පනින්න කියලා කොල පාට පත්තු වෙනකොට බසර් එකෙනුත් පොඩි සද්දයක් එනවා..
දැන් මේ කෝඩ් එක අප්ලෝඩ් කරන්න..
කෝඩ් එක..👇
#define 2 red1
#define 3 yellow
#define 4 green1
#define 5 red2
#define 6 green2
void setup(){
    for(int i=2; i<7; i++){
        pinMode(i, OUTPUT);
    }
    pinMode(7, INPUT);
}
void loop(){
    if(digitalRead(7)==HIGH){
        digitalWrite(green1, LOW);
        digitalWrite(yellow, HIGH);
        delay(3000);
        digitalWrite(yellow, LOW);
        digitalWrite(red1, HIGH);
        digitalWrite(red2, LOW);
        digitalWrite(green2, HIGH);
        delay(6000);
        digitalWrite(green2, LOW);
        digitalWrite(red2, HIGH);
        digitalWrite(yellow, HIGH);
        delay(3000);
        digitalWrite(yellow, LOW);
        digitalWrite(red1, LOW);
        digitalWrite(green2, LOW);
    }
       
    else{
        digitalWrite(red2, HIGH);
        digitalWrite(green1, HIGH);
}
}
කෝඩ් එක ගහපු විදියෙන් වෙන්නේ බටන් එක ඔබපු ගමන් වාහන වලට කහ පාට light එක පත්තු වෙනවා..ඊට පස්සේ තත්පර 3ක් තිබිලා වාහන වලට රතු පාට වැටිලා පාර පනින අයට කොල පාට වැටෙනවා..තත්පර 6කින් අයිත් වාහන වලට රතු පාට එක්ක කහ පාට පත්තු වෙලා යන්න සූදානම් වෙන්න කියලා කියනවා..ඒ වෙලාවෙදි පාර පනින අයට රතු වැටෙනවා..තත්පර 3කින් අයිත් වාහන වලට කොල පාටත් පාර පනින අයට රතු පාටත් වැටෙනවා..

ලේසියෙන්ම හදන්න පුලුවන් නිසා කවුරුත් හදලා බලන්න..ඊලග පෝස්ට් එකෙන් පොඩි බුදු රැස් වලල්ලක් කෝඩ් කරන විදිය කියලා දෙන්නම්..

Monday, July 2, 2018

Arduino වලින් පොඩි ඕගන් එකක් හදමු..

මේ පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ ආඩුයිනෝ බෝඩ් එක පාවිච්චි කරලා පොඩි ඕගන් එකක් හදා ගන්නේ කොහොමද කියලා..


වැඩේට ඕන කරන බඩු ලිස්ට් එක👇

👉Arduino uno
👉6×Push on buttons
👉6×22k resistors
👉8ohms speaker/piezo speaker
👉Jumper cable
👉Breadboard

මුලින්ම පහල පින්තූරේ තියන විදියට ආඩුයිනෝ බෝඩ් එකට push on button,speaker සෙට් කරන්න..





දැන් කෝඩ් එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ..


කෝඩ් එක..👇


#define NOTE_G4 392
#define NOTE_A4 466
#define NOTE_F4 349
#define NOTE_C 261
#define NOTE_F 370
#define NOTE_A 440

short int buzzer=6;
int tone_freq[6]={NOTE_G4,NOTE_A4,NOTE_F4,NOTE_C,NOTE_F,NOTE_A};
int duration[6]={100,100,100,100,100,100};
void setup() {
  pinMode(6, OUTPUT);
  pinMode(A0, INPUT_PULLUP);
  pinMode(A1, INPUT_PULLUP);
  pinMode(A2, INPUT_PULLUP);
  pinMode(A3, INPUT_PULLUP);
  pinMode(A4, INPUT_PULLUP);
  pinMode(A5, INPUT_PULLUP);

}
void key_tones(int a){
  tone(6, tone_freq[a],duration[a]);
}
void loop() {
  if(digitalRead(A0)==HIGH){
    key_tones(0);
  }
  if(digitalRead(A1)==HIGH){
    key_tones(1);
  }
  if(digitalRead(A2)==HIGH){
    key_tones(2);
  }
  if(digitalRead(A3)==HIGH){
    key_tones(3);
}
if(digitalRead(A4)==HIGH){
    key_tones(4);
}
if(digitalRead(A5)==HIGH){
    key_tones(5);
  }


}




frequency එක වෙනස් කරලා එක එක tone ගන්න පුලුවන්..
duration කියන එක ඇතුලේ තියන අගයන් වෙනස් කරලා button එක press කලාම කොච්චර වෙලාවක් tone එකක් වදින්න ඕනද කියන එක වෙනස් කර ගන්න පුලුවන්..

ඊලග පෝස්ට් එකෙන් colour light system එකක් හදන විදිය කියන්නම්..

Sunday, July 1, 2018

for loop එකක් පාවිච්චි කරලා LED කිහිපයක් රටාවට දල්වමු

අද මං කියලා දෙන්න යන්නේ for loop එකක් පාවිච්චි කරලා LED කිහිපයක් රටාවට පත්තු කරන්නේ කොහොමද කියලා..

👉 Arduino uno board
👉 8×LED
👉 8×220ohm resistors
👉 Breadboard

මුලින්ම උඩ පින්තූරේ විදියට Arduino board එකට LED ටික සෙට් කර ගන්න..
කෝඩ් එක....👇
void setup(){
    for(int i=6; i<=13; i++){
        pinMode(i, OUTPUT);
    }
}
void loop(){
    for(int i=6; i<=13; i++){
        digitalWrite(i, HIGH);
        delay(100);
        digitalWrite(i, LOW);
     }
}
for loop එකේදි int i=6; i<=13; කියලා දාලා තියෙන්නේ LED සෙට් කරේ D6 pin එකේ ඉදන් D13 pin එකට යනකම් නිසා..
i++ වෙනුවට i=i+1 දාන්නත් පුලුවන්..
for loop එක ඇතුලේ තියන් ටික වෙනස් කරලා වෙනස් රටා වලට හදලා බලන්න..

ඊලග පෝස්ට් එකෙන් piano එකක් හදන හැටි කියලා දෙන්නම්..

Friday, June 8, 2018

ආඩුයිනෝ වලින් LED එකක් Blink කරමු..


        මම අද කියලා දෙන්න යන්නේ ආඩුයිනෝ බෝඩ් එකක් පාවිච්චි කරලා LED bulb එකක් blink කරන්නේ කොහොමද කියලා..
        මේකට අපිට ඕන වෙන්නේ ආඩුයිනෝ බෝඩ් එකකුයි,Breadboad එකකුයි,LED එකකුයි,Jumper wire කිහිපයකුයි පමණයි..



LED bulb එක බෝඩ් එකට හයි කරගන්නේ කොහොමද?

        මුලින්ම යට තියන පින්තූරේ වගේ LED bulb එක breadboad එකකට set කරගන්න..
        දැන් LED එකේ ඍණ අග්‍රය ආඩුයිනෝ බෝඩ් එකේ GND pin එකට jumper wire එකකින් සම්බන්ධ කරගන්න..LED එකේ ධන අග්‍රය ආඩුයිනෝ බෝඩ් එකේ D2 pin එකට jumper wire එකකින් සම්බන්ධ කරගන්න..




කෝඩ් එක....👇

void setup(){
    pinMode(2, OUTPUT);

}


void loop(){

    digitalWrite(2, HIGH);
    delay(100);
    digitalWrite(2, LOW);
    delay(100);

}


    delay එක ඇතුලේ තියන වෙලාව ඔයාලට කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන්..

මේ වගේ LED කීපයක් එක්ක වැඩ කරන විදිය ඊලග පෝස්ට් එකෙන් කියන්නම්..